More


වන්නම් ආරම්භය

ආරම්භයේදී වන්නම් යනු ගායනා විශේෂයකි. බොහෝ විට වන්නම් වලින් විස්තර කෙරෙන්නේ ඇතා, වදුරා, සාවා, මොණරා, කුකුළා, සර්පයා වැනි සත්ව විශේෂයන්හි හැසිරීම් රටාවයි. පසු කාලීනව නැට්ටුවන් විසින් වන්නම් සිය නර්තනයන්හි පසුබිම් ගායනා ලෙස යොදා ගන්නා ලදී. උඩරට නැටුම් ක්රනමයෙහි වන්නම් 18ක් පමණ ඇත. සාම්ප්රනදායානුකූලව වෙස් නැටුම් කට්ටලය පැළැදීමට පෙර උඩරට නැටටුවකු විසින් මේ සියලුම වන්නම් ප්රාගුණ කළ යුතුය. මේවා අතුරින් වඩාත් ප්ර සිදධ වන්නම් ලෙස හනුමා වන්නම (වදුරා), උකුසා වන්නම (උකුස්සා), ගජභා වන්නම (ඇතා) ගත හැක.
වන්නම් යන වචනය සෑදී ඇත්තේ වර්ණනා (සවිස්තරාත්මක වර්ණනාව) යන සිංහල වචනයෙනි. පුරාණ සිංහල ග්රාන්ථයන්හි සැලකියයුතු වන්නම් ප්රාමාණයක් දැකිය හැකි වුවද, පසු‍ව ඒවා යම් නිශ්චිත අදහසක් ප්ර කාශ කෙරෙක ඒකල නර්තනයන් සදහා සුදුසු ගායනා ලෙස අනුවර්තනය විය. ඉතිහාසයේ දැක්වෙන පරිදි ශ්රීද වීර පරාක්රසම නරෙන්ද්රමසිංහ රජු විසින් නර්තනයට හා සංගීතයට විශාල අනුබලයක් ලබා දී ඇත.
මෙ‍ම වන්නම් 18 පුරාණ ඉසිවරයෙකු වූ ගනිතාලංකාර විසින් මහනුවර පන්සලක විසූ බෞද්ධ හිමි නමකගේ සහය ඇතිව රචනා කරන ලදැයි සැලකේ. ස්වභාවධර්මය, ඉතිහාසය, පුරාවෘත්ත, ගැමි ආගම් ඇදහිලි ක්ර ම,ජන කලා පදනම් කරගෙන රචිත මෙම වන්නම් සෑම එකකින්ම කියම් වූ මනෝ භාවයක් ඉදිරිපත්කෙරේ. උඩරට නැටුම් ක්රමමයේ එන වන්නම් 18වන්නේ ගජභා, තුරගා, මයුරා, ගාහක, උරගා, මුසලඩි, උකුසා, වෛරඩි,හනුමා, සැවුලා, සිංහරාජ, නාග, කිරලා, ඊරඩි, සුරපති, ගණපති, උදාර (රජුගේ තේජස් භාවය හා ශ්රීස විභූතිය) සහ අසදෘස වන්නම්ය. වර්ථමානයේදී මේවාට සමනළ, මහ බෝ සහ හංසා යන වන්නම් ඇතුලත් වී ඇත. වන්නම් එක් නර්තනාංගයක් කොටස් 7කින් සමන්විත වේ.



නෛයිඅඩි වන්නම
බෝසත් නාගරාජයා පිළිබද කියවෙන කවි මෙහි අඩංගුයි.මෙහි නම“නෛඅඩි”වුවද නයි ඇල්ලීමේ මුද්රාන විලාශයත් මේ වන්නමේ තිබෙනවා.කරුණා රසය අඩංගුයි.

ගණපති වන්නම
ගණ දෙවියන්ගේ ගති පැවතුම් නුවණ ආදී ලක්ෂණ අළලා රචනාවූ කවි අඩංගුයි.නැටුමේ ඇත්තේ අද්භූත රසයයි.

සිංහරාජ වන්නම
මේ වන්නමට කතා පුවතක් තිබෙනවා.ඉබ්බෙක්ගේ උපායට හසුවී ළිදකට පැන මරණයට පත් සිංහරාජයෙක් ගැනයි ඒ කතාව.වර්ණනා කරන්නේ දුරදිග නොබැලීමේ ප්රංතිවිපාකයයි. මෙහි අඩංගු වන්නේ හාස්යො රසයයි.

කිරළා වන්නම
කිරළෙකුගේ ඉරියව් මේ නැටුමේ දක්වනවා.කරුණා රසය මෙහි අඩංගුයි.

උරගා වන්නම
නාගයෙකුගේ ගමන හා උගේ ගතිගුණ වන්නම් කවියෙන් සහ නැටුමෙන් දක්වනවා.මෙහි ඇත්තේ වීර රසයයි.

අසදෘස වන්නම
අසමාන වූ තෙරුවන් ගුණ අළලා සකස් වී තිබෙනවා.මහනුවර යුගයේ රචිත උසස් නිබන්ධනයක් ලෙසට සලකනවා.ශාන්ත රසය අඩංගුයි.

මුසලඩි වන්නම
ඉර බැසයන වෙලාවේ සතුටින් එහෙ මෙහෙ යන හාවෙක්ගේ ගමන් විලාශය සහ ඉරියව් දක්වනවා.මෙහි ඇත්තේ ශාන්ත රසයයි.

තුරගා වන්නම
සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම යන අවස්ථාව,කන්තක අසු පිට ගමන් කිරීම වන්නම් කවියෙන් කියවෙනවා.මුළු වන්නම අශ්වයාගේ ගමන් විලාශය අනූව නිර්මාණය වෙලා තිබෙනවා.මෙහි ඇත්තේ වීර රසයයි.

ගාහක වන්නම
ශක්ර  දෙවිගේ දක්ෂිණාවෘත මංගල හක්ගෙඩිය වර්ණනා කරන කවි ඇති නැටුමක්.මේ වන්නමේ රසය වන්නේ අද්භූත රසයයි.

සැවුලා වන්නම
කුකුළාගේ උපත,ගතිගුණ ආදිය විස්තර කරයි.කතරගම දෙවිගේ සැවුල් කොඩිය ගැනද කවි වලින් කියවෙනවා.

ගජගා වන්නම
රාජාභරණ සහිත මංගල හස්ති රාජයා ගමන් කරන ව්ලාශය දක්වන වන්නමයි.අද්භූත රසය මෙහි ඇත.

සුරපති වන්නම
උමයංගනාව නැතිව වැලපෙන ඊශ්වර දෙවියන්ගේ ස්වාභාවය අලලා කෙරෙන නැටුමක්.අද්භූත රසය මෙහි ඇත.

උදාර වන්නම
රාජාභරණ වලින් සැරසුණු ඉතා අලංකාර රජුගේ තේජස,ගමන් විලාශය පෙන්වයි.වීර රසය අඩංගුයි.

මයුරා වන්නම
කතරගම දෙවියන්ගේ වාහනය වූ රණමයුරා පිල් විදහාගෙන නටන අයුරු මෙම වන්නමේ අඩංගුයි.මෙහි ඇත්තේ අද්භූත රසයයි.

ඊරඩි වන්නම
යුද භටයෙක්ගේ ගතිගුණ විස්තර කරන වන්නමක්.යුද්ධයේ සේනාධිපත්ගේ සටන් විලාශය මෙහි අඩංගුයි.වීර රසයෙන් යුක්තයි.

හනුමා වන්නම
වදුරකුගේ ගමන,උසුළු විසුළු ආදී හැම ගතිගුණයක්ම මේ වන්නමේ අඩංගුයි.කරුණා සහ හාස්ය  රසය ඇත.

වෛරෝඩි වන්නම
ඊෂ්වර දෙවියන්ගේ හා මහපොළව අතර වූ සංවාදාත්මක වර්ණනාවක්.ඊට වෛරෝඩි නම් මැණික චමත්කාර ලෙස උපමාවක් අයුරින් යොදාගෙන තිබෙනවා.මෙහි ඇත්තේ අද්භූත රසයයි.






නර්තන කලාව



18 සහ 19 සියවස්හි බිහිවුණ මධ්යම පංතිය තුළින් නැගුන නිර්මාණකරුවන්ගෙන් මෙම ක්ෂේත්රයට අගනා මෙහෙවරක්සිදුවිය. නර්තන කලාව , සමඟ පද්යය පමණක්නොව සංවාද බස මෙන්ම හැඟීම් ප්රකාශනයට උචිත අභිනය සමග සංකලනය වූ බස්වහර කලාවේ ප්රවර්ධනයට හේතු විය. නර්තන කලාව සමාජාභිවර්ධනයට පමණක්නොව අනෙකුත් සාහිත්යාංගයන් ගේ ප්රවර්ධනයට බලපාන ලද බව තත් යුගයේ පද් සාහිත් හා එහි බස විමසන විචාරකයින් ගේ මතය වී ඇත. එක්විචාරකයෙක්පවසා තිබුණේ, - සිංහල නාට්යයේ ආරම්භක අවධියේ පද්යයේ විකාශනයට නාට් සංස්කාරක වරුන් ගෙන් පිහිට ලැබිණි. නාට් කෘතීන් සඳහා යොදා ගැනුණු පද් හා ගී පද්, භාෂාව කෙරෙහි බලපෑ බවට කරුණු ඇත. ජෝන් සිල්වා නාට්යයෙහි දී බම්මන්නා නම් විහිලු කරුවා ලවා ඔහු ගේ ප්රියාව ගේ රුව වර්ණනා කරවන්නේ,


වැසි පොද මගෙ ළඳ නළලත වැටි සඳ ලිස්සාගෙන ගොස් සැණෙනා


මනනද කරවන පියයුරුවල හැපි පොඩි වී ගොස්නැබයෙහි රැඳුණා

තරිඳු ඇගෙ සොඳ උවනත දිටු සඳ විළිවැද රාහුගෙ මුq වැදුණා

බමරුද ගුමු ගුමු නද දෙති ඇගෙ පා සඟල අසල නිතරම සරණා


යනුවෙනි,පැරණි ගද් හා පද් නිර්මාණකරුවන් ගේ කාලීන වෙනස්කම්වලට සමාජ පරිවර්තනය වගේම පාරම්පරික ආගමික ආභාෂයන් මෙන්ම විදෙස්ආගම් හි බලපෑම මැනවින් සිදුවිය.

ප්රාග් බෞද්ධ ඉතිහාසයේ පටන් නර්තනය පිළිබඳ යම් අවබෝධයක්පැවති ජාතියක්වන සිංහලයින් ලාංකිය ශිෂ්ටාචාරයේ වැදගත් ආරම්භයක්ගනු ලබන අනුරාධපුර සමයේ සිට මහනුවර යුගය දක්වා වූ යුග පරාසය තුළ නර්තන විෂය විවිධත්වයේ ආලෝකයෙන් වර්ධනය වී ඉදිරියට සපැමිණි බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ
.

(2)
නර්තන කලාව විවිධ ශෛලීන් ඔස්සේ විකාශනය විය
(-

අනතුරුව වර්ධනය වූ නර්තන කලාව විවිධ ශෛලීන් ඔස්සේ තව තවත් ප්රවර්ධනය විය. (කොහොඹා කංකාරිය, දෙවොල් මඩු, ගම්මඩු) මේ අනුව මෙම කලාව
,

1.
උඩරට


2.
පහතරට

3.
සබරගමු


ආදී වශයෙන් වර්ගීකරණයට ලක් ප්රචලිත වූ අතර උතුරු හා නැගෙනහිර පළාත්වල භාරතීය ආභාෂය ලැබූ නර්තන ශෛලීන් කෝවිල් වැනි ආගමික පක්ෂය සමග වර්ධනය විය
.

අස්වනු සාර කර ගැනීමටත්, නියං සමයේ වැසි ඵල උදෙසාත්, රෝග පීඩාදියෙන් වැළකීමටත් ගෞරවණීය මෙන්ම ජනප්රිය භාවිතාවක්වූ උඩරට ශාන්තිකර්ම සම්ප්රදායේ එන කොහොඹා කංකාරියෙහි නර්තන ලක්ෂණ බහුලව මූර්තිමත් කරයි. එනම්, ඌරා යක්කම, නයා යක්කම, වැදි යක්කම, දර්පණ යක්කම, සීතා යක්කම, ගබඩා කොල්ලය, ගුරුගේ මාලය ආදී ජවනිකා මෙන්ම අවශේෂයන් වශයෙන් වංගෙඩියෙ සමයම, මුවමල විදීම, මහා යක්කම හෙවත් විජයරාජ කථාව, කප් ඉදිරීම උඩරට නර්තන කලාවේ නාට්යමය ලක්ෂණ විදහාපාන නිර්මාණයෝ වෙති
.

ප්රදේශ වශයෙන්, උඩරට නැටුම්, උඩුනුවර, යටි නුවර, මහනුවර සහ පහතරට නැටුම්, ගාල්ල, මාතර, හම්බන්තොට ත් සබරගමු නැටුම් කලාව, රත්නපුර ප්රදේශය ආශ්රිතව ප්රචලිත විය.මෙම ශෛලීන්හි අනන්යතාවය ආරක්ෂා කරන්නට වාද් භාණ්, ඇඳුම් කට්ටල, ශාන්තිකර්ම විධි මෙන්ම වන්නම් ආදිය වර්ගීකරණය කර දැක්වෙනු ඇත
.

පහතරට ශාන්තිකර්ම සම්ප්රදායෙහි එන ගම්මඩු, දෙවොල්මඩු, රටයකුම, සන්නියකුම, සූනියම් යාගය, මහසොහොන් සමයම, මෙන්ම අඹ විදීම, මරා ඉපැද්දවීම වැනි පෙළපාලි නාට්යමය ලක්ෂණ රැගත් නිර්මාණයන් සම්ප්රදාය සමග පෙරට පැමිණි ඒවා වෙයි
.

උඩරට නර්තනයෙහි දී ගැට බෙරය වාද් භාණ්ඩය ලෙස භාවිත වන අතර වෙස්ඇඳුම් කට්ටලය, ප්රධාන ශාන්ති කර්මය වශයෙන් කොහොඹා කංකාරිය වන්නම් වශයෙන් උඩරට වන්නම් 18 ක්අනන්යතාවය ආරක්ෂා කරමින් පෙරට පැමිණ ඇත
.

පහතරට දී වාද් භාණ්ඩය වන්නේ යක්බෙරයයි. තෙල්මෙ ඇඳුම් කට්ටලයෙන් සැරසෙන පහතරට නර්තන ශිල්පියා සින්දු වන්නම් තුළින් මෙන්ම දෙවොල් මඩු යාගයෙන් අලංකාර නර්තනයක යෙදෙයි
.

රත්නපුර ප්රදේශයෙන් ප්රකට වන සබරගමු නැටුම් කලාව ඔපවත් කරන වාද් භාණ්ඩය වන්නේ දවුලයි. අලංකාර වස්ත් කට්ටලය සබරගමු නමින්ම සුවිශේෂී වීම තුළ අනන්යතාවය සුරකින අතර සබරගමු වන්නම් තුළින් සිය ගී රාවය දෙසවන් පිනවමින් පහන් මඩු නර්තනය සිදු කරන්නේ ජන මන වශී කරමින්ය
.

නර්තනය, මෙන්ම එහි ශෛලීන්, සම්ප්රදායන් හා බැඳුන ශාන්ති කර්ම, (මනුෂ්යයන් උදෙසා පමණක්නොව දෙවියන් ඇතුළු වෙනත් බලවේගයන් උදෙසා විය)සොබාදහමේ අපූර්වත්වය පමණක්නොව මානව මනසට ප්රත්යක් නොවූ විවිධ විපත්තිකර සිදුවීම් උදෙසා ආදිකල්පික මිනිසා ගේ හැසිරීම් අධ්යයන කිරීමේ දී ඔවුන් අදෘශ්යමාන බලවේගයන්හි පිහිට පැතූහ. ඔවුන් මහා මුරුගසන් වර්ෂා, හෙණ හඬ විපත්තිකර සුළං වැනි දේ පිටුපස අදෘශ්යමාන මහා බලයක්රැඳි ස්වභාවයන් ගැන පෙළීමෙන් ආශිර්වාද, සෙත් ශාන්ති වැනි දේ උදෙසා පෙළඹුන බව නොරහසකි. මිනිසා දෙවියන්, යකුන්, ග්රහයන් පිළිබඳව ශාන්තිකර්ම සිදු කිරීමට පෙළඹුණේ දෙවියන් ඇතුළු අදෘශ්යමාන බලයන්ට අරක්ගත් බවට විශ්වාසිත යකුන් යක්ෂණියන් භූතයින් වැනි බලවේග සතුටු කිරීමෙන් එම විපත්වලින් මුදාලනු ඇතැයි යන විශ්වාසයත්, සතුටේදී , ඔවුන් තෘප්තිමත් කිරීමෙන් තමා ඔවුන් හැර නොයාවි, නිරතුරුවම පිහිටාශිර්වාදය ලැබෙනු ඇතැයි යන විශ්වාසයත් නිසාය
.

දෙවියන් උදෙසා කොහොඹා කංකාරිය, වලියක්මංගල්ලය, කඩවර කංකාරිය උඩරට සම්ප්රදායෙහි දී අපට හමුවන අතර පහතරට දී දෙවොල් මඩු, ගිනි මඩු යක්ෂයින් උදෙසා 'තොවිල්' මගින් ඔවුන් පුද ලබන අතර උඩරටදී කඩවර සමයමත්, පහතරටදී රට යකුම, සූනියම් යාගය, සන්නි යකුම, මහසොහොන් සමයම, ගණ යකුම, සූනියම දහඅට සන්නිය සබරගමුවේ දී සඳහා ඉර මුදුන් සමයම නමින් ශාන්ති කර්මය , නම් කෙරෙයි
.

ග්රහයින් උදෙසා සිදු කරන බලි පූජාව සම්ප්රදායන් ත්රිත්වයේදීම බලියාග නමින්ම හඳුන්වනු ලබති

විශේෂයෙන් උඩරට නර්තන සම්ප්රදායයකොහොඹා කංකාරිශාන්ති කර්මය ඔස්සේ , පහත රට නර්තනයරට යැකුම, දෙවොල් මඩු, ගම් මඩුආදී ශාන්ති කර්ම ඔස්සේ , සබරගමු නැටුමපහන් මඩුවැනි පූජා කර්ම ඔස්සේ ලාංකික ජන සමාජය තුළ ව්යාප්ත වී ජනප්රියව පැවතුනු බැව් පෙනේ.
ඒවා ශාන්ති කර්ම හෝ පූජා කර්ම වශයෙන් ආගමික අවශ්යතාවක් ලෙස එළි දැක්කේ වුවත්, සරල කෘෂිකාර්මික සමාජයක දිවි ගෙවූ ලාංකික ජනයාට සෞන්දර්යාත්මක රස වින්දනයත්, රිද්මයත් ලබා දෙන්නට විවිධත්වයෙන් යුතු චලන සහ රිද්ම රටා වලින් යුතු නර්තන සම්ප්රදායයන් සමත් වූ බව පැහැදිලිය.
සම්ප්රදායන්ට ආවේනික ප්රබල නර්තන චලනයන් හා රිද්ම රටා පිළිබඳව කෙළ පැමිණි නර්තන ශිල්පීන් (එදා ඔවුන් හැඳින් වුණේ යක් දෙස්සන් ලෙසිනි) මේ ශාන්ති කර්ම තුළින් ප්රේක්ෂකයින් නර්තන ආනන්දයෙන් හා රිද්මයෙන් මනාව සනහාලන්නට සමත් වූහ.
අද කෙතරම් විපර්යාසයන්ට හා නවීකරණයන්ට ලක්ව ඇතත්, තවමත් මෙරට නර්තන සම්ප්රදායයන් හා සබැඳි ප්රබල නර්තන චලනවල රසය අත් විඳින්නට මෙරට පොදු ජනයාට හැකියාව ඇතැයි යන්න නොරහසකි.
ශාන්ති කර්මයක් ලෙස පැවත අපේ නර්තන සම්ප්රදායයන් එහි මුල පදනම නොනසා යම් නවීකරණයකට ලක් වන්නේ 1940 පමණ යුගයේ සිටය. අපේ නර්තන විලාස හා රිද්මයන්, වේදිකාවට සකස් කිරීමේ සුවිශේෂ කාර්යය ඔස්සේ ඒවායේ නවීකරණය කෙමෙන් සිදු වූ බවක් පෙනේ. අපේ සම්ප්රදායික නර්තනය නවීකරණයට ලක් වීම, එය වේදිකාව මතට ගෙන ඒම හා සමඟ සිදු වූවකි.
අපේ නර්තන සම්ප්රදායන්වල ලක්ෂණ හා හැඩතල වෘත්තාන්තමය ප්රකාශනයක් සඳහා යොදා ගැනීමේ අවශ්යතාව මතු කළ මුද්රා නාට් කලාවේ බිහිවීමත්, වේදිකා ප්රසංග කලාව වැඩි දියුණුවීමත් නිසා යම් නවීකරණයකට හා සංස්කරණයකට ලක් කිරීම කෙමෙන් ඇරඹුනි.
මේ කාර්යයන් දෙක ජය ගැනීම සඳහා මෙකී මුල් යුගයේ සිට චිත්රසේන, පණීභාරත, වසන්ත කුමාර, ප්රේම කුමාර, ශේෂා පලිහක්කාර, ජේ. ඉඹුල්ගොඩ, රංගනාත්, බැසිල් මිහිරිපැන්න වැනි කලාකරුවන් ගණනාවක් ප්රබල හා විශිෂ්ට දායකත්වයක් දක්වමින්, වත්මන් ප්රේක්ෂකයින් ආකර්ෂණය කළ හැකි ක්රමික නවීකරණයකට මෙරට නර්තන සම්ප්රදායයන් බඳුන් කරන්නට සමත් වූහ.
මෙරට සාම්ප්රදායික නර්තන නූතන වේදිකාවටත්, වත්මන් ප්රේක්ෂකයාටත් ගැළපෙන පරිදි සකස් කොට ප්රසාංගික කලාවක් සේ ඉදිරිපත් කිරීමේ ගෞරවය මේ මුල් පරපුරට හිමි විය යුතුය.
හැටේ දශකය, හැත්තෑව දශකය දක්වාම මෙකී මුල් පරපුරේ නව නිර්මාණ නර්තන හා මුද්රා නාට් නිර්මාණ මෙරට නර්තන ක්ෂේත්රය පුබුදුවමින් ක්රියාකාරී වූ අතර ප්රසාංගික ලාංකික නර්තන කලාවක් වර්ධනය කිරීමේලා උනන්දුවක් හා ශක්තියක් දක්වන තවත් පරපුරක් හැත්තෑව දශකයේ මැද භාගයේ සිට අතු ඉතිලා වැඩෙන්නට විය.

මෙරට සම්ප්රදායික නර්තනය පිළිබඳ මනා ශාස්ත්රීය පුහුණුවක් හා අවබෝධයක් පෙර කී මුල් නව නර්තන පරපුරේ නිර්මාණවල ආභාසයෙන් හා ප්රයෝගික සහභාගී නිරීක්ෂණයෙන් ගොඩ නැගුණු දෙවැනි නර්තන පරපුරක් හැත්තෑව දශකයේ අග භාගයේ කෙමෙන් ගොඩ නැගෙන්නට විය.



දළදා පෙරහැරට ආවේණික පැරණි නැටුම් හා ගුරු කුල 

ශ්රී දළදා පෙරහැර මූලික කොට ඇති වෙහෙර විහාර හා දේවාල උත්සව සඳහා ඊටම අවේණික වූ නර්තන හා ගායනා විශේෂයක්අතීතයේ පටන් පැවත එන බව අපේ වංශ කතා සාහිත් පැහැදිලි කරයි. මෙය අනුරාධපුර යුගයේ පටන් ශ්රී දන්ත ධාතූන් වහන්සේ ප්රධාන කොට ධාතුන් වහන්සේලාට උපහාර පිණිස කරනු ලැබූ ගෞරවාන්විත වන්දනීය ක්රමයක් ලෙස පැවත ආ බව පෙනේ.
වර්තමානය වන විට සම්පූර්ණයෙන් වාගේ අභාවයට ගොස්ඇති මෙම උදාරතර නෘත්යාංගය සබරගමුව ගුරුකුල කිහිපයක නිධන්ගත වස්තු බවට පත්වී තිබේ. එහි ඉතිහාසගත තොරතුරු පවා සොයාගැනීමට නොහැකි තරමට සංකීර්ණ ස්වරූපයක්ගෙන ඇත.
අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ හා සීතාවක යන යුගවලින් පසු මහනුවර යුගය දක්වා පෙරහැර චාරිත් චිරාගත සම්ප්රදායකට අනුව සිදුවී ඇත්තේ ඊටම ආබද්ධ වූ ගුරු පරපුරු සඳහා කැපවීමෙන් කටයුතු කර ඇති නිසාවෙනි. මහනුවර යුගය තෙක්එන අතීත තොරතුරුවලට අමතරව ශ්රී දළදා වහන්සේ මහනුවරට වැඩම කිරීම හා පූජා චාරිත් පිළිබඳ චිරාගත සම්ප්රදායට අනුවම සිදු වී ඇති බව දළදා පුරාවෘත්ත පැහැදිලි කරයි.
සිංහල නැටුම් කලාවේ ඓතිහාසික පසුබිම හා සංස්කෘතික විකාශනය ශ්රී දළදා වහන්සේ හා බැඳී පවතින නර්තන පුරාවෘත්තයන්හි ඇති සත්යමය තොරතුරුත් අද වන විට කාලයේ වැලිතලාවෙන් වසා දමා ඇත. වර්ෂ 82 ක්තරම් දීර්ඝ කාලයක්මෙසේ වැසී යැමට ඉඩ සලසමින් කෞතුක වස්තුවක්බවට පත්වී වැසීගිය එම වැලිතලාව මත ගොඩනගා ඇති නූතන නර්තන ඉතිහාසයත් සංස්කෘතික පසුබිමත් අද වන විට මුළුමහත් නර්තන සංස්කෘතිය පමණක්නොව සෞන්දර්ය අධ්යාපන විෂය ක්ෂේත්රයත් ගොදුරුකොට ගෙන ඇති බව ප්රකාශ කළ යුතුව තිබේ.



වර්ෂ 45 ක්තරම් දීර්ඝ කාලයක්තිස්සේ කරන ලද අධ්යයනයක හා පරීක්ෂණ දත්ත අනුසාරයෙන් ලැබූ අත්දැකීම් හා පුරාවෘත ඓතිහාසික මූලාශ්රවල සටහන් වී ඇති ශ්රී දළදා පෙරහැර සඳහා නැටුම් නිර්මාණය කර ඇති ආකාරය විධිමත් අයුරින් සකස්වී ඇත්තේ දෙල්ගමුව රජමහා විහාරයේ සිට බව ශාස්ත්රපති රාජකීය පණ්ඩිත මාහල්ලේ විපුලතිස් නායක මාහිමියන්ගේ දෙල්ගමුව දළදා පුවත කෘතියෙන් ලැබෙන තොරතුරු පමණක්වූවද ප්රමාණවත් වේ. රාජකීය පණ්ඩිත ශාස්ත්රපති මාහල්ලේ විපුලතිස් නාහිමියෝ දෙල්ගමුව දළදා පුවත නම් ග්රන්ථ පෙළක්සම්පාදනය කරමින් ශ්රී දළදා වහන්සේගේ අප්රකට ඓතිහාසික තොරතුරු පැහැදිලිකර දෙති.
දෙල්ගමු රජමහා විහාරයේදී න්යායික වශයෙන් දළදා පෙරහැර පෙළ සැකැස් මෙසේ නිර්මාණය කොට ඇත.

01. තුණුරුවන් නමස්කාරය.

02.
අවසර ගැනීම.

03.
ධාතු කරඬුව හිස තැබීම.

04.
මංගල බෙර වාදනය

05.
ධාතු විස්තර සිංදු ගායනයෙන් වැඩමවීම.

06.
සක්පිඹීම

07.
මුද්ද්රප්පද ගීත ගායනය.

08.
බෝධිසත්ව සිංදුව

09.
අට දිග සිට ගැසූ පද

10.
දැකුම් අත්

11.
වැඳුම් අත්

12.
හමාර ආවැන්දුම් පදය

මෙම ගායනය හා නර්තනය සඳහා පැය 04 තරම් කාලයක්ගත වේ.




 


No comments:

Post a Comment